ඔව්.ඔබේ දරුවාගේ ඇහුම්කන් දීම සම්බන්ධව ගැටළු තිබේදැයි දැන ගැනීමට ශ්‍රවණ විශේෂඥයින් ඇතුළුව අනෙකුත් වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔබේ දරුවා පරික්ෂා කරනු ඇත.පළමුව ඔබේ දරුවා ඔහුගේ හෝ ඇයගේ ශ්‍රවණ පරීක්ෂාව රෝහලේදී කරන අතර මෙම අලුත උපන් ශ්‍රවණ පරීක්ෂාව (newborn hearing screening) ක්‍රියාවලිය ඒ සඳහා ඉතා හොඳ ආරම්භයකි. එහිදී ශ්‍රවණාබාධ සඳහා බලපාන ප්‍රධාන හේතු කිහිපයක් දෙස බලමු.

1) උපතේදී ඇතිවන ශ්‍රවණාබාධ

අලුත උපන් දරුවන්ගේ ශ්‍රවණාබාධ ඇති වීමට හේතු කීපයක්

  • නොමේරූ දරු උපත්
  • අඩු උපත් බර
  • ප්‍රසූතියේදී ඇතිවන තුවාල
  • ගර්භණී අවධියේදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය
  • මාතෘ දියවැඩියාව
  • ගර්භනී අවධියේදී ඇතිවන අධි රුධිර පීඩන තත්ත්වය
  • බොහෝ ළදරුවන් හට ශ්‍රවණාබාධ ඇතිවීමට හේතුව ජානමය සම්බන්ධ ගැටළු විය හැකිය.

ජානමය ශ්‍රවණාබාධ උපතේදී හෝ ජීවිතයේ පසුකාලීනව ද වර්ධනය විය හැකිය.ආබාධ ඇතිවීමට හේතු වන ජාන හෝ දෙමව්පියන්ගෙන් එම ඡාන පැමිණිය හැකිය. එසේම සමහර ළදරුවන්ට ජානමය syndrome තත්ත්වයන්ද ශ්‍රවණාබාධ සඳහා බලපානු ඇත. (ex- down syndrome, treachercollins, syndrome, usher syndrome)

2) උපතින් පසුව ඇතිවන ශ්‍රවණාබාධ

අසනීපයකින් හෝ තුවාලයකින් ඕනෑම වේලාවක එය සිදුවිය හැකිය. එ් සදහා හේතු වන්නේ,

  • කන් ආසාදන. (මෙය දරුවන් තුළ පොදු හේතුවක් වේ.)
  • කනට සහ ඒ සම්බන්ධව ඇති අභ්‍යන්තර කොටස් සඳහා බලපාන විෂ සහිත ඖෂධ
  • සරම්ප
  • meningitis තත්වය
  • Encephalitis තත්ත්වය
  • කම්මුල්ගාය
  • පැපොල
  • උණ
  • හිස සහ මොළය සම්බන්ධව ඇතිවන තුවාල

3) විශාල ශබ්ද නිසා ඇතිවන අනතුරු

ඔබේ කුඩා දරුවා ශබ්දය ඇති පරිසරයන්ට නිරතුරුවම යොමු වීමෙන් මෙම තත්ත්වය ඇති විය හැක. එසේම ශබ්ද ප්‍රසංගයකදී සවන්දීම නැතහොත් වෙඩි තැබීම වැනි අධික කෙටි කාලයක් තුළ පවතින ශබ්ද  ඇති පරිසරයේ සිටීම මගින් ද මෙම ශ්‍රවණාබාධ තත්ත්වයන් ඇති විය හැක.

මෙහිදී ප්‍රධාන සාධක තුනක් කෙරෙහි ඔබට අවධානය යොමුකර හැකිය. එනම්,

  • ශක්තිය කොතරම් ඝෝෂාකාරී ද?
  • ඔබේ දරුවා ශබ්දයට කොතරම් සමීපද?
  • ඔබ ශබ්දයට කොපමණ කාලයක් නොකඩවා නිරාවරණය වෙනවා ද?

විශාල ශබ්ද හා කුඩා ශබ්දවලට නොකඩවා නිරාවරණය වීම ඔබේ ඇසීමට පමණක් නොව ඔබ නොසිතන වෙනත් ගැටළුද ඇති කළ හැකිය. එය ඔබගේ සෞඛ්‍යයට, රැකියාවට, ඉගෙනීමට සහ සමාජ ජීවිතයට ද බලපෑම් කළ හැකිය. එබැවින් කරුණාකර ඔබගේ දරුවා දීර්ඝ කාලීනව හෝ කෙටිකාලීනව හා නිරතුරුව ශබ්ද ඇසෙන පරිසරයන්ට නිරාවරණය කිරීමෙන් වැළකීමට වග බලා ගත යුතුය.

4) ඖෂධ සහ එහි බලපෑම

මේවා ඔටෝටොක්සික් ඖෂධ (ototoxic) ලෙස හඳුන්වනු ලැබේ.

සමහර ඖෂධ කනට හානි කර හැකි  අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රවණාබාධ සහ කනෙහි ඇතුළෙහි ශබ්ද ඇසෙන තත්ත්වයන්(tinnitus) ඇතිවිය හැකිය.

විශේෂයෙන්ම ශ්‍රවණය හා සමබරතාවය සම්බන්ධ ගැටලු මෙම ඖෂධ නිසා ඇතිවන අතර යම් අවස්ථාවන්හිදී මෙම ප්‍රතිකාර නැවතීමේ දී ඔබගේ ශරීරයේ ඇතිවෙන රෝගාබාධ සුව වන නමුත් කන හා ශ්‍රවණය සම්බන්ධව ඇතිවන බලපෑම තාවකාලිකව හා ස්ථිරව පැවතීමට හැකිය.

එම නිසා බරපතළ සහ අත්‍යවශ්‍ය රෝගාබාධයක දී වෛද්‍ය කණ්ඩායම විසින් මෙම ඖෂධ සමග ප්‍රතිකාරය කිරීමට තීරණය කර විට ඔබේ සෞඛ්‍ය සේවා කණ්ඩායම ඔබගේ ශ්‍රවණය සහ සෙසු පද්ධති වලට ඇතිවන බලපෑම් ද සලකා බලනු ඇත.

එබැවින්  හැකි ඉක්මනින් ඔබ ඔබේ දරුවාගේ ශ්‍රවණ ගැටළු වලට මැදිහත් වීමට වග බලා ගත යුතු වන අතර  තව තවත් කල් බලා සිටීමෙන් ගැටළුව උග්‍ර විය හැකිය. ඉතාම ඉක්මනින් ශ්‍රවණය සම්බන්ධව උගුර කන නාසය සම්බන්ධ විශේෂඥයකු (ENT surgeon)  හෝ බලපත්‍රලාභි ශ්‍රවණ විශේෂඥයෙකු(audiologist)වෙත ඔබ යොමු විය යුතුය.

 

එරන්දි දේවාලේගම,

ශ්‍රවණ හා කථන භාෂා චිකිත්සක,

BASLP (India) SLMC Reg No 59 & 145,

රත්මලාන ඕඩියෝලොඦි මධ්‍යස්ථානය.

ළමුන් තුල ශ්‍රවන ආබාධ ඇතිවීමට ප්‍රධාන හේතු
Tagged on:
Call Now ButtonCall Now