Tinnitus කියන්නේ කුමක්ද ?

බාහිර පරිසරයෙන් ශබ්දයක් නිපදවන්නේ නැතිව කන ඇතුලෙන් යම් ශබ්දයක් ඇසීම tinnitus ලෙස හඳුන්වනවා. මේ ශබ්දය එක් එක් පුද්ගලයන්ට වෙනස් විට හැක. Bell කරන ශබ්ධයක් ,”ස්ස්ස්” “කුරු කුරු”වැනි ශබ්ද ඇසිය හැක.

80% පමණ පුද්ගලයන්ට මේ ශබ්ද තමාට පමණක් ඇසිය හැකි අතර සමහර අවස්ථාවලදී බාහිර පුද්ගලයන්ටද ඇසිය හැකි වෙනවා.

Tinnitus සඳහා විවිධ හේතු තිබිය හැක.

  • කනේ ඇති කලාදුරු නිසා, ඇසීමේ අපහසුතා ( hearing loss), විශාල ශබ්දයන්ට නිරාවරණය වීම, මානසික ගැටලු, මුහුනේ මාංශපේෂි වල වෙනස් වීම, දත් වල ඇතිවෙන වෙනස් කම්, විවිධ බෙහෙත් වර්ග, ස්නායු ආශ්‍රිත රෝග.. ලෙස හැදින්විය හැක.
  • Tinnitus, ඇසීමේ අපහසුතා සමග හෝ නොමැතිවද ඇතිවිය හැකි. බොහෝවිට අපගේ Inner ear හා auditory nerve එකට සිදුවන හානි නිසා මෙය ඇතිවන බව දැන් හදුනාගෙන ඇත.
  • මීට අමතරව Tinnitus ඇති සමහර පුද්ගලයන්ට Body Balance කර ගැනීමේ අපහසුතාද ඇති විය හැක.
  • Tinnitus පුද්ගලයන්ගේ ජීවිතයට විවිධාකාරයෙන් බලපෑමක් ඇතිකල හැකි අතර එය එදිනෙදා දිනචර්යාවට ඍජු බලපෑමක් ඇතිකරයි.
  • සමහර අයෙකුට නිදාගැනීමේ අපහසුතා, අවධානය යොමු කිරීමේ අපහසුතාද ඇතිවේ.

මේ සදහා treatment කළ යුතු ආකාරය.

  • Audiologists කෙනෙක් මුනගැසී Hearing test සිදුකර ඔවුන්ට Hearing Loss තිබෙනවාද
  • Hearing loss තිබේනවාද පරීක්ෂාකිරීම. එහිදී tinnitus සඳහාම විශේෂ පරීක්ෂාවක් කරයි.
  • බෙහෙත් මගින්
  • Sound therapy
  • Counseling වැනි සුදුසු ගැළපෙන ප්‍රථිකාර ආරම්භ කළ හැක
කන් කුරු කුරුව | Tinnitus කියන්නේ කුමක්ද ?
Tagged on:
Call Now ButtonCall Now