කොරෝනා වෛරසය නිසා ගෙදර සිටින දරුවන්ට කථන චිකිත්සාව ලබාගැනීමට අපහසුතා තිබෙනවා. මේ නිසා ගෙදරදීම ඔවුන්ට කළ හැකි ක්‍රියා පිළිබඳව දැනුවත් කිරීමට මේ සටහන ඔබට ගෙන එනවා.

කථන අපහසුතාවක් (Delayed Speech) කියන්නේ මොකක්ද කියලා අපි මුලින් දැනුවත් වෙන්න ඕනේ.

දරුවන් වර්ධනය වන විට ඔවුන්ගේ කථන හා භාෂාවත් මේ එක්කම වර්ධනය වෙනවා.

උදාහරණයක් විදියට අපිට කියන්න පුළුවන් දරුවෙක් පළමු අවුරුද්දේදී කතා කරන්න පටන්ගන්නවා. අවුරුදු දෙකකදී වචන 50-100 අතර ප්‍රමාණයක් කතාකරනවා.

මෙන්න මේ විදියට දරුවාගේ කථන වර්ධනය සිදුනොවේනම් අපි දරුවාගේ කතාව පරක්කුයි කියල සාමාන්‍යයෙන් හඳුන්වනවා.

ඇයි දරුවෙකු කතාකරන්න ප්රමාදවෙන්නේ?

ඇසීමේ අපහසුතා
විවිධ සින්ඩ්‍රොම් තත්වයන්
සෙරිබ්රල් පොල්සි
ඔටිසම්

වැනි විවිධ හේතු නිසා දරුවන්ගේ කථන ප්‍රමාදයන් විය හැකියි.

නමුත් මේ කිසිම හේතුවක් නොමැතිවද කථන ප්‍රමාදයන් සිදුවිය හැකියි.

දරුවාට කතා කිරීමට අපහසුතාවයක් තිබුණහොත් අනිවාර්යයෙන්ම දරුවා Speech language pathologist කෙනකුට දරුවා පෙන්වීම අවශ්‍ය වෙනවා. ඔවුන් දරුවාව පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර සිදුකරනවා.

ඔබ දැනටමත් දරුවා කථන අපහසුතාවක් තිබෙනවා කියල දන්නවානම් ඔබට මේ ගැන දැනුවත් වීමක් ඇති.

දැන් අපි බලමු මේ දවස්වල මේ දරුවන් එක්ක වැඩකරන්නේ කොහොමද කියලා.

සංචරණය සීමා නිසා ඔබ ගෙදර ඉන්න නිසා මේ දවස්වල ඔබට දරුවා සමග වැඩ කරගන්න ලෙහෙසි වෙන්න පුලුවන්. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න..

පුළුවන් සෑම වේලාවකම දරුවා සමග සෙල්ලම් කරන්න, කතා කරන්න, පාට කරන්න දෙන්න, කතා පොත් කියවන්න, ගෙදර එදිනෙදා වැඩ සදහා එක් කරගන්න. දුරකථන , රූපවාහිනී භාවිතය
හැකි තරම් සීමා කරන්න..

මීට අමතරව

1) සෑමවිටම දරුවට කතා කිරීම අවස්ථාව ලබාදෙන්න හෝ අවස්ථාව නිර්මාණ කරන්න.

2) දරුවා කතාකරන දෙයට අලුත් වචනයක් නිතරම එකතු කරන්න

උදා: දරුවා Car එක සමග සෙල්ලම් කරනවා නම් මේ බලන්න “මේක ලොකු නිල් පාට car එකක්”

3) කතාකරන වචන ගණන වැඩි කරන්න

ඔබ කලින් දරුවා එක්ක සරල වචන දෙකක වාක්‍යයක් කතා කළානම් දැන් වචන තුනක වාක්‍යයක් විදියට එය වැඩිකළ යුතුයි.

4) දරුවා කරන දෙය ගැන ඔබ දරුවාට විස්තර කරන්න

5) ඔබ දරුවා සෙල්ලම් කරන විදිය ගැන හොඳ අවධානයක් දෙන්න. පසුව ඔහු සමග සෙල්ලම් කරන්න එකතුවී ඒදේ ගැන දරුවාට පැහැදිලි කරන්න.

දරුවාට අපහසු විට ඔබ ඒදෙය කර පෙන්වන්න.

මෙය අප model ලෙස හඳුන්වනවා. මෙහිදි දරුවාට යම් දෙයක් කර ගැනීමට අපහසු විට අප එය පෙන්වා දී එය දරුවාට ඉගැන්විය යුතුවෙනවා. මේ ලෙස වාර 2,3 සිදුකිරීමෙන් පසු එය දරුවා ඉගෙනීමට හැකිවෙනවා.

6) ඔවුන් වැරද්දක් කරනවිට ඒය නිතරම නිවැරදි කරන්න.

කතා කරනවිට යම් උච්චාරණය අපහසුතාවක් හෝ වෙනත් වැරද්දක් සිදුකරයි නම් එය ඒ අවස්ථාවේදීම නිවැරදි කරන්න.

7) මේ දේවල් නැවත නැවත එය සිදුකර පුහුණුව ලබා දෙන්න.

ඕනෑම දෙයක් ඉගෙන ගැනීමට නිරන්තර පුහුණුව අවශ්‍යයි. ඒ නිසා මේ ක්‍රියාකාරකම් නිතර නිතර සිදුකරන්න.

මේ ක්‍රම වලින් දරුවාගේ කතාව වර්ධන කරගැනීමට හැකි වන අතර ඔවුන්ව ක්‍රියාශීලව මේ දිනවල ගෙදරදී තබාගන්න පුළුවන් වේ.

මේ lockdown එකෙන් පසුව නැවතත් ඔබේ කථන චිකිත්සකවරුන් මුණගැසී Speech therapy නැවත ආරම්භ කළ හැකිය.

Dishan De Silva
Speech Language pathologist & Audiologists
(MSLPA, BSLPA)

කතා කරන්න ප්‍රමාද දරුවන්ට නිවසේදීම කථන චිකිත්සාව ලබාදෙන්නේ කොහොමද?
Call Now ButtonCall Now