ඔබ ගෙදර ඉන්න නිසා මේ දවස්වල ඔබට දරුවා සමග වැඩ කරගන්න ලෙහෙසි වෙන්න පුලුවන්. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න..

පුලුවන් සෑම වේලාවකම දරුවා සමග සෙල්ලම් කරන්න, කතා කරන්න, පාට කරන්න දෙන්න, කතා පොත් කියවන්න, ගෙදර එදිනෙදා වැඩ සදහා එක් කරගන්න. දුරකථන , රූපවාහිනී භාවිතය සීමා කරන්න..

මීට අමතරව

1) දරුවා කතාකරන දෙයට අලුත් වචනයක් එකතු කරන්න

උදා: දරුවා Car එක සමග සෙල්ලම් කරනවා නම් මේ බලන්න “මේක ලොකු නිල් පාට car එකක්”

 

2) කතාකරන වචන ගණන වැඩි කරන්න

ඔබ කලින් දරුවා එක්ක සරල වචන 2ක වාකයක් කතා කරානම් දැන් වචන 3 වාකයක් විදියට එය වැඩිකල යුතුයි.

3) දරුවා කරන දෙය ගැන ඔබ දරුවාට විස්තර කරන්න

ඔබ දරුවා සෙල්ලම් කරන විදිය ගැන හොද අවදානයක් දෙන්න. පසුව ඔහු සමග සෙල්ලම් කරන්න එකතුවී ඒදේ ගැන දරුවාට පැහැදිලි කරන්න.

4) දරුවාට අපහසු විට ඔබ ඒදෙය කර පෙන්වන්න.

මෙය අප modeling කියා හදුන්වනවා. මෙහිදි දරුවාට යම් දෙයක් කර ගැනීමට අපහසු විට අප එය පෙන්වා දී එය දරුවාට ඉගැන්විය යුතුවෙනවා. මේ ලෙස වාර 2,3 සිදුකිරීමෙන් පසු එය දරුවා ඉගෙනීමට හැකිවෙනවා.

 

5) ඔවුන් වැරද්දක් කරනවිට ඒය නිතරම නිවැරදි කරන්න.

කතා කරනවිට යම් උච්චාරණය අපහසුතාවක් හෝ වෙනත් වැරද්දක් සිදුකරයි නම් එය ඒ අවස්ථාවේදීම නිවැරදි කරන්න.

 

6) මේ දේවල් නැවත නැවත එය සිදුකර පුහුණුව ලබා දෙන්න.

ඕනෑම දෙයක් ඉගෙන ගැනීමට නිරන්තර පුහුණුව අවශ්‍යයි. ඒ නිසා මේ ක්‍රියාකාරකම් නිතර නිතර සිදුකරන්න.

මෙය ක්‍රම වලින් දරුවාට කතාව හා භාෂාව වර්ධන කරගැනීමට හැකි වන අතර ඔවුන්ව ක්‍රියාශීලව මේ දිනවල ගෙදරදී තබාගන්න පුලුවන් වේ.

මේ දවස්වල දරුවන් එක්ක වැඩකරන්නේ කොහොමද?
Tagged on:
Call Now ButtonCall Now