ළදරුවෙකු සන්නිවේදනය මුලින්ම සිදුවන්නේ ළදරුවෙකු අඬන විට ඔවුන්ට ආහාර, සුවපහසුව සහ ආදරය ලැබනබව දැනගත් විටය. අලුත උපන් දරුවන් සංවර්ධනයේ ආරම්භක අවධියේදී මවගේ හෝ භාරකරුගේ හඬ , පරිසර ශබ්ද හඳුනා ගැනීමට පටන් ගනී. ළදරුවන් වැඩෙන විට, ඔවුන්ගේ භාෂාවේ වචන වර්ග කිරීමට ළදරුවන් පටන් ගනී. මාස 6 ක් වන විට, බොහෝ ළදරුවන් ඔවුන්ගේ මව් භාෂාවේ මූලික ශබ්ද හඳුනා ගනී.

දරුවන්ගේ  කථන සහ භාෂා සංවර්ධනය සිදුවන්නේ කෙසේදැයි දැන් බලමු.

මාස 6-11 අතර කාලය තුළ ඔබේ දරුවාටනැතයන සංකල්පය අවබෝධ කර ගැනීමටත්, Babbling (ba-ba, ma-ma, ta-ta, ga-ga) කිරීම ආරම්භ කිරීමටත් හැකි වන අතර ඉන් පසුව ඔවුන්මාමාහෝඩාඩාවැනි වචන අර්ථයකින් තොරව පැවසීමට පටන් ගනී. ඔවුන් ශබ්ද නිෂ්පාදනය කරමින් ඒ සමඟ සෙල්ලම් කිරීමට පටන් ගන්නා කාලය මෙයයි.

පළමු වසරදී, ඔවුන් ඔවුන්ගේ පළමු වචනය කියයි. මෙයින් පසු ළමයින් කතා කිරීමට හා සන්නිවේදනය කිරීමට පටන් ගනී. පළමු වසර අවසානයේදී ඔවුන්ට සංවාද කිරීමට වචන 50 කට වඩා අඩු වචන මාලාවක් ඇත. බොහෝ විට ඔවුන් තනි වචන භාවිතා කරමින් කතා කරනු ඇත.

වයස අවුරුදු 2 දී ඔවුන්ට වචන 50 වචන මාලාවක් ඇති අතර සන්නිවේදනය සඳහා වචන 2 කින් යුත් වාක් ඛණ්ඩ භාවිතා කරයි. ඔවුන් සරල වචන අනුකරණය කිරීමට උත්සාහ කරයි. ඔවුන්මූ“, “බූ බූවැනි සත්ව ශබ්ද නගනු ඇත.

වයස අවුරුදු 3 දී ඔවුන් වචන 3 කින් යුත් වාකය භාවිතා කරන අතර උච්චාරණයේ දී වාකයවල දිග වැඩි කරයි( MLU). එසේම ඔවුන්ඔබ“, “මමහෝඇයවැනි සර්වනාම තුල

 ” හෝමතවැනි අවකාශීය සංකල්ප තේරුම් ගැනීමට පටන් ගනී. “ලොකුහෝසතුටසංකල්ප තේරුම් ගැනීමට පටන් ගනී. ඔවුන්ට සරල ප්රශ්නවලට පිළිතුරු දිය හැකිය.

වයස අවුරුදු 4 දී ඔවුන් හොඳ සන්නිවේදන කුසලතාවයක් ඇති අතර වචන බොහොමයක් භාවිතා කරයි. ඔවුන්ට සංකීර්ණ ප්රශ්න තේරුම් ගත හැකිය. පින්තූරයක් පින්තාරු කිරීම වැනි දේවල් කරන්නේ කෙසේදැයි විස්තර කරයි. එසේම ඔවුන්ට ආහාර හෝ ඇඳුම් වැනි වස්තූන් කාණ්ඩගත (Categorization) කර වර්ණ හඳුනාගත හැකිය.

වයස අවුරුදු 5 දී ඔවුන් අනුපිළිවෙල (sequencing) තේරුම් ගනී, සංවාදයේ යෙදේ, සංකීර්ණ වාක් භාවිතා කරයි.

කථන සහ භාෂා සංවර්ධනය  පිළිබඳව දැනුවත්වීම වැදගත් වන්නේ ඇයි?

සෑම දරුවෙකු තුළම සාමාන් කථනය හා භාෂා සංවර්ධනය සිදුවන්නේ ඉහත පරිදි. තවද, ශ්රවණාබාධ ඇති දරුවන් තුළ කථනය සහ භාෂා ප්රමාදයවිය හැක. එමනිසා, ඔබේ දරුවාගේ කථාව සහ ශ්රවණ සන්ධිස්ථාන පිළිබඳව සුපරීක්ෂාකාරී වීම අත්යවශ් වේ.

ඉහත සඳහන් කරුණු අනුගමනය කිරීමට ඔබේ දරුවාට අපහසු නම් හෝ කථනය සහ භාෂා ප්රමාදයක් ඇති විට, ඔබේ කථන භාෂා චිකිත්සකවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට වඩා
සුදුසුය

Dishan De Silva 

Speech Language Pathologist & Audiologist

(MSLPA) (BSLPA)

Reference: 

ASHA (Developmental Norms for Speech and Language)

NIH Publication No. 13-4781
කථන සහ භාෂා සංවර්ධනය සහ එහි වැදගත්කම
Call Now ButtonCall Now